FAST NEWS

24×7 Around the Globe

කොළඹට පැය 24ක් ජලය නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව අද උදෑසන 7 සිට කොළඹ 12,13,14,15 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇත.

ඊට අමතරව කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.