FAST NEWS

24×7 Around the Globe

රටවල් කීපයක සිට අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැදපෙරදිග රටවල් 3 ක රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 655 දෙනෙකු අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ.   

සෞදි අරාබියේ සිට 293 දෙනෙකුත්, කටාර් රාජ්‍යයේ සිට 111 දෙනෙකුත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 191 දෙනෙකුත් මෙලෙස දිවයිනට පැමිණි පිරිස අතර වෙයි.

මීට අමතරව මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකුත් අද අලුයම දිවයිනට පැමිණි පිරිස අතර වෙයි.