(ෆාස්ට් නිව්ස් | මන්නාරම) – මෙරට විශාලතම පළමු සුළං විදුළි බලාගාරය වන තම්බපවනී බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනතා අයිතියට පත්කරනු ලැබීය.
මන්නාරම ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම සුළං විදුළි බලාගාරය මෙගාවොට් 100 ක ධාරිතාවයකින් යුක්තයි.
පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 135කි.
වසරකටත් අඩු කාලයකින් වැඩ අවසන් වූ එම සුළං විදුලි බලාගාරය මගින් විදුලි ඒකකයක් රුපියල් 8ක් වැනි සුළු මුදලකට නිපදවිය හැකි බව ව්‍යාපාතියේ පරිසර සහ සමාජ ආරක්ෂණ නිලධාරී වේලු චන්ද්‍රෙස්කරන් මහතා පැවසීය.






