FAST NEWS

24×7 Around the Globe

කොළඹින් දෛනික ආසාදිතයන් වාර්තාවීම තවමත් ඉහළ මට්ටමක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 521 දෙනා අතුරින් 342 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.  

ඒ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹින් හමුවී ඇති මුලු ආසාදිතයන් ගණන 10, 884 දක්වා ඉහළ යනු ඇති.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් 82 ක්ද වැලිකඩින් ආසාදිතයන් 73 ක්ද දෙමටගොඩින් 59 ක්ද ඊයේ දිනයේ දී මෙලෙස වාර්තා වී ඇත.

මීට අමතරව , මිනුවන්ගොඩ – බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත කොරෝනා පොකුර 23,005 ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක වෛරසය ආසාදනය වූවන් 6,991 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.