FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් දෙවන රැල්ලේ කොළඹ ආසාදිතයින් ගණන 10000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් දෙවන රැල්ලේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ දක්වා කොළඹින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 10,140ක් වේ.

ඊයේ (02)වාර්තා වූ ආසාදිතයින් 878ක් වාර්තා වු අතර එයින් ආසාදිතයින් 402ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් හඳුනා ගැනුණි.

කළුතර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ආසාදිතයින් අටුලුගමින් වාර්තා වී ඇත.

මේ අතර, මහනුවරින් ආසාදිතයින් 27ක්, කුරුණෑගල 24ක්, රත්නපුරයෙන් 52ක්, පුත්තලමෙන් 29 ආදි ලෙස වාර්තා වී තිබේ.

මේ දක්වා කාලය තුළ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 25,409ක් ලෙස වාර්තා වේ.

එයින් පුද්ගලයින් 18,303ක් පුර්ණ සුවය ලබා ඇති අතර ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 6,982කි.