FAST NEWS

24×7 Around the Globe

අර්ජුන මහේන්ද්‍රන් ගැන වාර්තාව අද හෝ හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කැඳවූ වාර්තාව අද (02) හෝ හෙට (03) ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍යවරයා පවසයි.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.