FAST NEWS

24×7 Around the Globe

වත්තල ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – වත්තල ප්‍රදේශ කීපයකට හෙට (03) පෙරවරු 10 සිට පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.    

වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අඩාල වන්නේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලහදූව ප්‍රදේශවලටයි.

මීට අමතරව, මරදාන පාර, ඇලකන්ද සහ හැඳල පාරේ කොටසකට ද හෙට පෙරවරු 10 සිට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.