FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 18300 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 18,304 දක්වා ඉහළ යයි.

අද දිනයේදී තවත් 487 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පැවසීය.

මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24,532 ක් වේ.

තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6156 කි.