FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි.

දිවයින පුරා පැවති වැසි සහිත කාලගුණ තත්වය අඩු වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර පළාතේ උදය කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා, දිවයිනෙහි ‍බොහෝ ප්‍රදේශ වල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ට වඩා) ඇතිවීමට ඉඩ ඇත.

කෙසේ වුවත්,හෙට දිනයෙන් පසු පවතින කාලගුණ තත්වය තරමක් දුරට අඩු වනු ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.