FAST NEWS

24×7 Around the Globe

20 වන කොවිඩ් මරණය කොළඹින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට 20 වන කොවිඩ් නයින්ටීන් මරණය අද (31) වාර්තා වී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවකි.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය, වමනය සහ දියවැඩියාව රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් තිබේ.

ඇයගේ PCR පරීක්ෂණ වාර්තාව අද පෙරවරුවේ ලැබුණු පසුව ඇයට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.