FAST NEWS

24×7 Around the Globe

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකවන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

එසේම සිකුරාදා (30) දිනයේ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන හෙයින් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශයන් හී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් හෙට (29) දින උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වා විවෘත කර තැබිය යුතු බවද රජය නිවේදනය කරයි.