හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග තුන්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දෙමටගොඩ සහ ගල්කිස්ස ප‍්‍රදේශවලදී. භෙරොයින් ග‍්‍රෑම් නවයයි මිලිග‍්‍රෑම් 320 ක් ඔවුන් ලඟ තිබී සොයාගත්තා.
කොළඹ අපරාධ කොට්ඨාශය, ගල්කිස්ස නොවිසඳුනු අපරාධ මෙභෙයුම් ඒකකය සහ වලාන දූෂණ මර්දන ඒකකයයි වැටලීම් සිදු කළේ. අත්අඩංගුවට පත්වුණේ දෙමටගොඩ සහ රත්මලාන ප‍්‍රදේශවල පදිංචි තුන් දෙනෙක්. ඔවුන් මාළිගාකන්ද සහ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනවා.
දීර්ඝ කාලයක් පුරා මොවුන් මත් ද්‍රව්‍ය ජාවාරම සිදුකළ බවටයි පොලීසිය සැක පළකරන්නේ.







