සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතු බාලවයස්කාර දැරියක පැහැර ගත් බව කියන සිද්ධියට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (23) නිශ්ප්‍රභ කෙළේය.
පෙත්සම්කරුවන් මහාධිකරණය හමුවේ තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීම නිසා මහාධිකරණය මේ අධිකරණයට යොමු කළ හබයාස්කෝපුස් නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව පවසමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කෙළේය. මේ සම්බන්ධයෙන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් මහේස්ත්‍රාත්වරයා කරුණු විමසීමේදී ඔහු ඒ බව නොදන්නා බවට අධිකරණය හමුවේ පැවසීය.
වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෝසමක් මගින් මෙම කරුණු අධිකරණයට දන්වා ඇති බවත් තවදුරටත් මෙය විමසීමට හේතුවක් නොමැති බවය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණයෙන් පෙත්සම්කරුවන් මෙම නඩුව ඉල්ලා අස්කරගෙන ඇති බැවින් නඩුව නිශ්ප්‍රභ කිරීමට නියෝග කෙළේය.







