FAST NEWS

24×7 Around the Globe

2014/2015 අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ලියාපදිංචිය ඇරඹේ.

පසුගිය වසරේ උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබූ සිසුන් 2014/2015 අධ්‍යන වර්ෂය සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසුවේ, එම ලියාපදිචි කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ නිල වෙබ් අඩවිය හරහා සිදුකරන බව ය.

මෙතෙක් කල් විශ්වවිද්‍යාල වල ලියාපදිංචිය සිදුකළ නමුත් මින් ඉදිරියට සිසුන් ලියාපදිංචිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පමණක් සිදුකරන බව ඔහු සඳහන් කළා ය.

කොමිෂණ් සභාවේ ලියාපදිංචි වීමෙන් අනතුරුව එක් එක් සිසුන් ඒ ඒ පාඨමලා සඳහා විශ්වවිද්‍යාල වලට යොමු කිරීම සිදුකෙරන බව ද ඔහු පැවසී ය.