FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර රැඳවියන්ට දුරකථන ඇමතුම් ගැනීමට අවස්ථාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‌යළිත් ඇතිවී තිබෙන කොරෝනා ව්‍යාප්තියත් සමග බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට තම ඥාතීන් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධවීමට අවස්ථාවක් ලබා දී ඇත.   

බන්ධනාගාරගතව සිටින රැඳවියන් නැරඹීම සඳහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබා දී තිබූ අවස්ථාව කොවිඩ් ව්‍යාප්තියත් සමග තාවකාලිතව අත්හිටවනු ලැබීය.

ඒ වෙනුවෙන් සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.