FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා සිනමා ශාලා වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා පැතිරීමේ අවධානම් හේතුවෙන් ලබන 31 වනදා දක්වා දිවයිනේ සියලුම සිනමා ශාලා වසා තැබීමට තීරණය කරයි.

එය යළි විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි.

මේ අතර පවතින තත්ත්වයත් සමඟ ආරක්ෂක අමාත්‍යංශයේ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව සීමා කර තිබේ.

එබැවින් ලබන වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරිමේ කටයුතු තවකාලිකව කල් දමා ඇති බව එම අමාත්‍යාංශය දැනුම් දෙයි.