FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 311 දෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලීම්වලදී 311 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ පස්වරු 6 සිට අද අලුයම 5 දක්වා මෙම වැටලීම් සිදුකළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

මෙහිදී හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට 110 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිසද වේ.