FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ100 දෙනෙක් නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | පලෙයි) –  පලෙයි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 100 දෙනෙකු අද තම නිවෙස් බලා පිටත්ව යයි.

අද උදෑසන ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේම තවත් පුද්ගලයින් 154 දෙනෙකු අද දිනයේ ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යාමට නියමිතය.
ඒ අනුව  මේ වනවිට 52,612ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබේ.