FAST NEWS

24×7 Around the Globe

පිළියන්දල පිරිවෙනක භික්‍ෂුන්වහන්සේලා ඇතුළු 89ක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ජාතික රෝහලේ හෙදියකට පළමුවරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු මතුගම ප්‍රදේශයේ පදිංචි හෙදියකට මෙලෙස රෝගය වැලදී ඇති බව හෙලිව තිබේ.

ඇය මේ වනවිට කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.

ඇයගේ ආශ්‍රිතයන් 12 දෙනෙකුටද PCR පරීක්ෂණ සිදු කර ඇති බව ජාතික රෝහල් බලධාරීන් පවසයි.

මේ අතර පිළියන්දල , කහපොළ, සිළුමිණ සෑය පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 69 ඇතුළු 89 දෙනෙකු එම පිරිවෙන තුලම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

එහි වැඩසිටින හිමිනමකගේ මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.