FAST NEWS

24×7 Around the Globe

රිශාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඉල්ලීම ප්‍රතික්ෂේපයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල වරෙන්තු ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.  

පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා ශ්‍රී ලංගම බස් රථවලින් අවතැන් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම යන චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදුන්නේය.