FAST NEWS

24×7 Around the Globe

රඹුක්කන බ්‍රැන්ඩික්ස් ආයතනයටත් කොරෝනා පැතිරෙයි

(ෆාස්ට් නිව්ස් | කෑගල්ල) –  කෑගල්ල රඹුක්කන පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ආයතනයේ ශාඛාවෙන් කොරෝනා ආසාදිතයන් සොයාගෙන තිබේ.

සිදු කළ PCR පරීක්‍ෂණ වලින් ආසාදිතයින් 19 දෙනෙක් තහවුරු කරගෙන ඇත.

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 248 දෙනකු නිරෝධායනයට ලක්ව සිටින බව වාර්තා වේ.

ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.