FAST NEWS

24×7 Around the Globe

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යළිත් වරක් රට තුළ ඇතිවී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් මේ මස පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගෙන ඇත.  

ඒ අනුව, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය කල් දමා ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සඳහා වන විභාගය ද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු නියාමකවරුන් සඳහා වන විභාගය ඇතුළු තවත් විභාග කිහිපයක් කල් දමා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.