FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් උසස් පෙළ විභාගය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් – 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (12) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ කෙරේ.

ඒ අනුව අද සිට නොවැම්බර් මස 06 වන දින දක්වා විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී පැවැත්වෙනු ඇත.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

කොවිඩ් – 19 අවදානම නිසා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් 12ක් අතිරේක විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති අතර ඒවාට ප්‍රවාහන් පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.