FAST NEWS

24×7 Around the Globe

අද සිට වැසි වැඩි වන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   අද (10) රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ සුළං සහ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ නිරිතදිග මෝසම් තත්ත්වය තරමක් සක්‍රීය වීම හේතුවෙනි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අංශය පවසයි.