FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1053ක් වෙයි

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 9ක් වාර්තා වී තිබේ.

මේ අතරින් එක් අයෙක් ඇඟළුම් කම්හලේ සාමාජිකයෙක් වන අතර අනෙක් අට දෙනා ඔවුන්ගේ සමීපතමයින් බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව මිනුවන්ගො පොකුරේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේ විදෙස් රටවල සිට මෙරටට පැමිණි 10 දෙනෙක් කොරෝනා ආසාදිතයින් බව හඳුනා ගෙන ඇත.

ඔවුන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 07 දෙනෙක්, කුවේට් සිට පැමිණි 02 ක්, ඉරානයේ සිට පැමිණි එක අයෙක් කොරෝනා අසාදිතයින් බව තහවුරු විය ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 4488ක් වේ.