FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා – කථානායක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයේ සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.   

ඒ අනුව එම අංශයේ සියලු දෙනා පරීක්ෂාවට ලක්කර ඇති බවත් එම පරිශ්‍රයට කිසිවෙකුටත් ඇතුළුවීමට අවස්ථාව නොමැති බවත් ඔහු පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් පාර්ලිමේන්තුවේදී නගමින් විමසා සිටියේ සිය අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයට ගිය අවස්ථාවේදී ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් බවත් වත්මන් කොවිඩ් තත්ත්වය නිසා එවැනි තීරණයක් ගනු ලැබුවද යන්න ගැන කථානායකගෙන් විමසීමේදී ඒ් බව අද අනාවරණය විය.