(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කාසල් රෝහලට ඇතුලත් කරන ලද ගර්භනී කාන්තාවකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
ඇය මීරිගම ප්‍රදේශයේ කාන්තාවක් බව හෙළිව තිබේ.
එම ගැබිණි කාන්තාව හට සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මේ හේතුවෙන් ඇයව IDH රෝහලට මාරු කොට යැවීමට පියවර ගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.








