FAST NEWS

24×7 Around the Globe

නිරෝධයනට රැගෙන ගිය කාන්තාව මිය ගියේ හෘදයාබාධයකින්

(ෆාස්ට් නිව්ස් | මුතූර්) – මුතූර්, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්වූ කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි.

අප කළ විමසීමකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ එම කාන්තාව මිය ගොස ඇත්තේ හෘදයාබාධයකින් බවයි.

මෙලස මිය ගියේ 64 හැවිරිදි වියේ පසු වූ ඇය යක්කල, වරපලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිත සේවකයෙකුගේ මවක් වේ.