FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම , නැගෙනහිර සහ දකුණු පළාතේ උපකාරක පන්ති අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත.  

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ ගේ උපදෙස් අනුවයි.

මීට අමතරව , නැගෙනහිර පළාතේ ද සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්  නියෝග කර ඇත.

මේ අතර දකුණු පළාතේ ද සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට කටයුතු කර ඇත.