FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳ අවසන් තීන්දුව ලබාදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපොස උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය කලින් සැලසුම් කළ පරිදි නියමිත දිනවල පැවැත්වීමට රජය තීරණය කර ඇත.  

ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ලබන (11) වැනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය සඳුදා (12) වැනිදා ආරම්භ කෙරෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අද පස්වරු 2 ට තීරණය ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සිසුන්ට විභාග මධ්‍යස්ථාන වලට පැමිණිමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ