FAST NEWS

24×7 Around the Globe

කළුතර ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් |කළුතර) – විදුලිබල අත්හිටුවීම හේතුවෙන් හෙට (08) කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 11ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.    

ඒ් අනුව , හෙට පෙරවරු අටේ සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර දකුණ සහ නාගොඩ යන ප්‍රදේශවලටයි.