FAST NEWS

24×7 Around the Globe

කොළඹ නගරයේ තදබදය අවම කිරීමට රථ ගාල් 8 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා රථ ගාල් 8 ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත.   

ඒ අනුව , ලේක් හවුස් ආයතනය පසුපස, රථ ගාල ඉදිකිරීමේ කටයුතු ඊයේ ආරම්භ කළ අතර, මහල් 10 කින් සමන්විත එහි වාහන 252 ක් නවතා තැබිය හැකි බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එහි බිම් මහලෙහි විශාල ප්‍රමාණයේ සාප්පු සංකීර්ණයක් ඉදිවන අතර පළමු සහ දෙවැනි මහල් කොටුව පොලිස් ස්ථානයට ලබාදීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියට වැය වන මුළු මුදල රුපියල් මිලියන 1113 ක්.