FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු රැස්වීම් සම්බන්ධයෙන් තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රට තුළ යළිත් පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් අද (07) පස්වරුවේ ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   

එමෙන්ම කෝප් කමිටුව ඊයේ එහි සභාපති පාර්ලිමේන්තු මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණේ සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගමයි.

2009 වසරේ සිට නොරොච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකරන ලද ගල් අඟුරු ප්‍රසම්පාදනය ගැන විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති විශේෂ විගණන වාර්තාව පදනම්ව එහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.