FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ රෝගීන් 101 දෙනා හඳුනාගත් ප්‍රදේශ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් ගණන 101 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඊයේ (05) සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව මෙම පිරිස හඳුනා ගැනුණි.

ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සේවය සඳහා පැමිණි පිරිස් වන අතර ඉන් වැඩිම පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඊට අමතරව දිවුලපිටිය, මීරිගම, ජා ඇළ, මහර, සීදුව සහ කටාන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආයතනයේ නිවාඩු ගොස් සිටි කුරුණැගල කටුපොත, මොණරාගල මැදගම, යාපනය වේලනෙයි ප්‍රදේශවලින්ද ආසාදිතයින් හඳුනා ගෙන ඇත.

මෙම සියලුම ආසාදිතයින් කොළඹ IDH ඇතුළු රෝහල් වෙත යොමුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.