FAST NEWS

24×7 Around the Globe

නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් විකිණීමට ගිය 4ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | මොණරාගල) – පෞරාණික වටිනාකමකින් යුත් නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් රුපියල් කෝටි 600 ක මුදලකට විකිණීමට සූදානම් වූ සිව් දෙනෙකු අත්අඩංගුවට ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.  

ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල – කුඹුක්කන ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අනුරාධපුර, රඹෑව, පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 – 40 ත් අතර වයස්වල පසුවන්නන් පිරිසක්.