FAST NEWS

24×7 Around the Globe

දිවුලපිටියේ කාන්තාව ඇසුරු කළ පිරිසගේ PCR වාර්තා අද එළියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීම තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.

ඒ දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට සහ ඇගේ දියණියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟය.

මේ අතර ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1400කට වැඩි පිරිසකගේ PCR පරීක්ෂණ අද (05) සිදුකිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රෝගී කාන්තාවගේ සැමියාගේ සහ පුතුන් දෙදෙනාගේ තවත් PCR පරික්ෂණයක් ද අද සිදුකිරීමට නියමිතය.

එසේම ඇයගේ පවුලේ සමාජිකයින් 06 දෙනාගේ සහ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ(04) සිදුකළ ඇති අතර, ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා අද උදෑසන ලැබීමට නියමිතව තිබේ