FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයන් 430 දෙනක් ස්වයං නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   දිවුලපිටිය ප්‍රදේශයෙන්  කොවිඩ් ආසාධිත කාන්තාවක් හමුවීමෙන් පසු ඇය සමීපව ඇසුරු කළ පුද්ගලයින් රැසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

මෙහිදී දිවුලපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 180 දෙනෙකු පමණද ,මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 250 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.