FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රී බැසිල් රාජපක්ෂගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කර ඇති බව රජයේ නීතීඥවරයා සඳහන් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේය.

ඒ අනුව පෙත්සමට අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට සති 06ක කාලයක් ලබාදී ඇත.

ඉන් අනතුරුව පෙත්සම පිළිබඳ විභාගය ලබන වසරේ ජුනි මස 14 වනදා පවත්වන බව ඊවා වනසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දී තිබේ.