FAST NEWS

24×7 Around the Globe

ගම්පහ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) –  ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන ඇති බවයි.

මේ අනුව බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇත.

ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය.