FAST NEWS

24×7 Around the Globe

දිවුලපිටියෙන් කොවිඩ් අසාදිතයෙකු හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන තිබේ.

ඇය මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොවිඩ් 19 ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇත.

මේ අනුව ගම්පහ රෝහලේද පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.