FAST NEWS

24×7 Around the Globe

2016 විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට.

පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලද 2016 අයවැය සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ යෝජනාවක් අනුව සංශෝධනය වී තිබේ.

ඒ අනුව 2016 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ඔක්තෝම්බර් මස 23 වන දින සිදුකිරීමටත්, අයවැය කතාව හෙවත් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම නොවැම්බර් මස 20 වන දින සිදුකිරීමටත් අපේක්ෂිත බව සඳහන්ය.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වූ පරිදි අයවැය දෙවනවර කියවීමේ විවාදය සඳහා ‍2015 නොවැම්බර් මස 21 දින සිට දින 12 ක් වෙන් කර තිබේ.

එසේම දෙවනවර කියවීමේ ඡන්ද විමසීම 2015 දෙසැම්බර් මස 05 වන දින සිදුකිරීමට නියමිත අතර කාරක සභා අවස්ථා විවාදය සඳහා දෙසැම්බර් 07 වන දින සිට දින 12 ක් වෙන්කර ඇති බව සඳහන්ය.

ඒ අනුව 2016 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 19 වන දින සිදුකිරීමට නියමිතව තිබේ.