FAST NEWS

24×7 Around the Globe

කොල්ලුපිටියේ මනුෂ්‍ය ඝාතනයකට අදාළව 4 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකුට පිහියෙන් ඇන පස්වන මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කිරීමේ සිද්ධියට හා කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

මෙම සැකකරුවන් පිරිස අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය පවසයි.

මොවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.