FAST NEWS

24×7 Around the Globe

රත්නපුරය සහ කෑගල්ල  දිස්ත්‍රික්ක වලට අනතුරු ඇඟවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ රත්නපුරය සහ කෑගල්ල  දිස්ත්‍රික්ක වලටයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද(29) දහවල් 12 සිට හෙට දහවල් 12 දක්වා රත්නපුර – කුරුවිට සහ කෑගල්ල – දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බවයි.

මේ අතර, අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50ක පමණ වැසි ඇති විය හැකි බවයි.