FAST NEWS

24×7 Around the Globe

වැඩි මිලට පොල් අලෙවි කරන්නන් සොයා අදත් වැටලීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාරිභෝගිකයින්ට උපරිම මිල ඉක්මවා පොල් අලෙවි කරන වෙළඳ සැල් සොයා අද(29)ත් දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසයි.

පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් එම අධිකාරිය පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

ඒ අනුව වටප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් ගෙඩියක උපරිම මිල රුපියල්  70 ක් ලෙසත්, වටප්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 65 ක් ලෙසත්, වටප්‍රමාණය අගල් 12 ට අඩු පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 60 ක් වේ.