FAST NEWS

24×7 Around the Globe

“නිව් ඩයමන්ඩ්” නෞකාවේ කපිතාන්වරයාට විදෙස් ගමන් තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගිනි ගැනීමට ලක්වූ “එම්.ටී නිව් ඩයමන්ඩ්” නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර නුදුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා එම කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

මෙම විමර්ශනවලට පූර්ණ සහාය ලබාදෙන ලෙසත්, පදිංචිව සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ බව අධිකරණය වෙත දැනුම් දෙන ලෙසත් ඔහුට මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නෞකාවේ කපිතාන්වරයාට නියෝග කර ඇත.