FAST NEWS

24×7 Around the Globe

සුජීව දේශපාලනයෙන් සමුගන්න සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   වසර 16 කට වැඩි කාලයක් දේශපාලනයේ නිරතව සිටි හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරයි.

සමගි ජනබල වේගය පිහිටුවීම සඳහාද ඔහු විශාල කාර්ය භාර්යයක් ඉටු කළේය.

නමුත් පසුගිය මහ මැතිවරණයේදී ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් නොලැබීම නිසා ඔහුට පාර්ලිමේන්තු වරම් අහිමි විය.

මේ නිසා ඔහු දේශපාලනයෙන් ඉවත්ව මින් ඉදිරියට ස්වාධීනව කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.