FAST NEWS

24×7 Around the Globe

මහජන දිනයේ ජනතාවට සිදුවන අපහසුතා ගැන පැමිණිලි කරන්නැයි දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහජන දිනය ලෙස ප්‍රකාශිත සඳුදා දිනයේ ජනතාවට සිදුවන අපහසුතා කඩිනමින් දන්වන්නැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.  

ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳුදා රාජකාරි ස්ථානයේ නොමැති වීමෙන් ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

එවැනි ආයතන සම්බන්ධයෙන් එම ආයතන භාර අමාත්‍යාංශයට හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දෙන්නැයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.