FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 400 ක රත්‍රං තොගයක් අල්ලයි

(ෆාස්ට් නිව්ස් | පුත්තලම) – පුත්තලම පොලිස් වසමේ කරඹ කළපුව ආසන්නයේදී  ඊයේ (26) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 400 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ රත්‍රං තොගය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500ක් පමණ බරින් යුක්ත වන බව පුත්තලම පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු එම රත්‍රන් තොගය ඉන්දියාවට යැවීමට සූදානමින් සිට ඇති බවට සැක කෙරේ.