ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව එරට උප ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.
72 හැවිරිදි ජෝ බයිඩ්න් මේ බව ප්රකාශ කළේ, 2016 වසරේ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වනවා ද? නැද් ද? යන්න පිළිබඳ දැඩි අවධානයක් යොමු වෙමින් පැවති අවස්ථාවකදී ය.
අමෙරිකානු ජනාධිපතිවරණයට සාර්ථක අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත් වීමට තරම් ප්රමාණවත් කාලයක් තමන්ට නොමැති බව ද ඔහු ප්රකාශ කළේ ය.
මේ අනුව ඩිමොක්රටික් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නාම යෝජනා ලැබීමට අපේක්ෂා කළ හිටපු අමෙරිකානු රාජ්ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ ප්රබල ප්රතිවාදියකු ඉවත්වනු ඇති.
සිය බිරිඳ සමග ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයේදී හමු වූ ජෝ බයිඩ්න් සිය අරමුණ හෙළි කර තිබේ.
ජෝ බයිඩ්න් ප්රකාශ කළේ, තමන් ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවූවත් අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්රියාවලියේදී පක්ෂයක් ලෙස සහ ජාතියක් ලෙස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට මැදිහත් වන බව ය.
අමෙරිකාව දෙකඩ කිරීමට හේතුවෙන බෙදුම්වාදී දේශපාලන ක්රියාවලිය අවසන් කළ බව ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
ඉකුත් මැයි මාසයේදී මොළයේ පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බියූ ඔහුගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මෙන් ඉල්ලා සිටියේ ය.
1988 සහ 2008 වසර දෙකේදී ම අමෙරිකානු ජනාධිපතිවරණයට තරග වැදුණු ජෝ බයිඩන්ට ඉන් ජය ලබා ගැනීමට නොහැකි විය.







