FAST NEWS

24×7 Around the Globe

මුළු වන්දි මුදල් ගෙවීමට නිව් ඩයමන්ඞ් නෞකා සමාගමේ එකඟතාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ මුළු වන්දි මුදල ගෙවීමට එම සමාගම එකඟතාව පළ කරයි.

ඒ රුපියල් මිලියන 442 ක මුදලකි.

මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේය.

නමුත් එය ලබාදීමට නෞකාව අයත් සමාගම විසින් එකඟතාවය පළ කර තිබුණි.

ඉන් පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන සියයක්ද ඇතුලත්ව රුපියල් මිලියන 442 ක වන්දි මුදලක් ප්‍රකාශයට පත්කළේය.